Saturday, September 5, 2015

කොකාකෝලා කම්හලෙන් කැළණි ගඟට මුසු වූයේ ඩීසල් නොවන බව හෙළි වේ


කොකාකෝලා කර්මාන්තශාලාවෙන් මෑතකදී සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් 'ද නේශන්' පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළිවී ඇති බවයි.

අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත​.

මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ සංයෝග කිසිවක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය​. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකා ජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේය​. දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය​. කෝලා බීමවල ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත​.

8 comments:

  1. වතුරත් එක්ක තෙල් නොදී අඩුතරමේ කොකා කොලාවත් දුන්නා නම් අපිට සද්ද නැතුව ඉන්න තිබ්බා හිටං.

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඒක... දැන් බලමු අපේ ජනාධිපති මොකෝ කරන්නෙ කියල හිටං මේ ගැන​

      Delete
  2. බහුජාතික බුවල්ලාට අපිත් අපේ රටේ හැම දෙනාමත් අහුවෙලා.

    ReplyDelete
    Replies
    1. බොහොම අමාරු සටනක් නෙ අයියෙ කරන්න වෙලා තියෙන්නෙ

      Delete
  3. දැන්වත් මේවා නවත්ත ගත්තොත් ලොකු දෙයක් නේද?????

    ReplyDelete
    Replies
    1. කරන්න පුලුවන් වෙයිද කියන එක තමා සැක​

      Delete
  4. මේ සිද්දිය යට ගියා නේද? අන්තිමට අපි වතුර නැතුව හිටපු එක විතරයි උනේ.

    ReplyDelete
    Replies
    1. නඩු මගට බැසීමේ සූදානමක් තියෙනවා

      Delete