Monday, June 6, 2016

ඇන්ජෙලා මර්කල් එකොලොස්වන වරටත් ලොව බලවත්ම කාන්තාව ලෙස තෝරාගනු ලබයි

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ෆෝර්බ්ස් සඟරාව මගින් තෝරනු ලබන ලොව බලවත්ම කාන්තාවන් ලැයිස්තුවෙහි ප්‍රථම ස්ථානය පිට පිටම හයවැනි වරටත් දිනාගෙන තිබේ.

ලෝ ප්‍රකට ඇමරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝර්බ්ස් සඟරාව 2004 සිට සෑම වසරකම ලොව බලවත්ම කාන්තාවන් සියය නම් කරයි. මෙතෙක් අවස්ථා 11 කදීම මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ ඇන්ජෙලා මර්කල් ය​.

මෙවර ලැයිස්තුවෙහි දේශපාලන නායිකාවන් 12 දෙනෙක් ද​, ප්‍රධාන විධායක නිලධාරිණියන් 32 ක් මෙන්ම බිලියනපතිණියන් එකොලොස් දෙනෙක් ද වෙති.

ලොව බලවත්ම කාන්තාවන් සියය අතුරින් ලාබාලතම තැනැත්තිය වන්නේ 43 හැවිරිදි මරිස්සා මේයර් ය​. ඇය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරයි. වඩාත්ම වයසින් වැඩි තැනැත්තිය දෙවන එලිසබෙත් රැජිණ ය​.

චීන ජාතික කාන්තාවන් 9 දෙනකු මෙවර ලයිස්තුවේ සිටීම විශේෂත්වයකි. චීනයේ අලි බබා සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක වන ලුසි පෙන්ග් මින් ඉදිරියෙන්ම සිටින තැනැත්තියයි. ඇයට සමස්ථ ලැයිස්තුවේ 35 වන ස්ථානය හිමි ව තිබේ.

ඇන්ජෙලා මර්කල්ට පසු දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටිනුයේ ඇමරිකානු කාන්තාවන් දෙදෙනෙකි. ඒ පිළිවෙලින් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරාගැනීමේ වැඩි ඉඩක් ඇති හිලරි ක්ලින්ටන් සහ ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ (Federal Reserve Bank) අධිපති ජැනට් යෙලන් ය​.

No comments:

Post a Comment