Tuesday, July 12, 2016

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂය නායකයකු තෝරාගන්නා අයුරු

කොන්සර්වේටිව් පක්ෂය වත්මන් බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වේ. එහි නායකත්වය පුරප්පාඩු වූ විට නව නායකයකු පත් කරගැනීම පියවර කිහිපයකින් සිදු වන්නකි.
නව කොන්සර්වේටිව් නායිකා තෙරේසා මේ සහ අගමැති ඩේවිඩ් කැමරන් Pic - Reuters

1. පළමු පියවර වන්නේ යම් කිසි අයකුගේ නම නායකත්වය සඳහා යෝජනා වීම ය​. කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකු විසින් මෙම යෝජනාව කළ යුතුය​.

2. යෝජනා වූ සියලු දෙනා කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කැමැත්ත විමසා බැලේ. මේ සඳහා එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ් ඩලය නියෝජනය කරන සියලු කොන්සර්වේටිව් පාක්ෂිකයන්ට ඡන්දය ලබාදිය හැක​.

3. අපේක්ෂකයින් කිහිප දෙනකු සිටී නම්, එක් එක් වටවලදී අඩුවෙන්ම ඡන් ද ලබාගන්නා අපේක්ෂකයා ඉවත් කරමින්, අපේක්ෂකයන් දෙදෙනකු දක්වා අඩුවන තෙක් ඡන් ද වට කිහිපයක් පැවැත්වේ.

4. අවසානයේ අපේක්ෂකයන් දෙදෙනකු ඉතිරි වූ පසු රටේ සියලු කොන්සර්වේටිව් පාක්ෂිකයන් ඡන් දය ප්‍රකාශ කිරීමෙන් නායකයා තෝරා ගැනේ. සති කිහිපයක මැතිවරණ ව්‍යාපාරයකින් පසු මෙම ඡන් දය පවත්වනු ලැබේ.

No comments:

Post a Comment