Friday, July 15, 2016

නීසියේ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට ගත් අසාර්ථක උත්සාහයට ජීවිතයෙන් වන්දි ගෙවූ වීරයා (VIDEO)

ප්‍රංශයේ නීසියෙහි ඊයේ සිදුවූ ට්‍රක් රථ ප්‍රහාරයෙන් 80 කට වැඩි පිරිසක් මියගොස් තවත් 200 ක් පමණ තුවාල ලද හ​. මින් තුවාලකරුවෝ 52 ක් තවමත් බරපතල තත්ත්වයේ පසුවෙති.

ඊයේ දිනයේදී මෙම ප්‍රහාරය එල්ලවූයේ ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටීල් දිනය සමරන ජනතාවට ය​. මෙම විශාල ට්‍රක් රථය පැදවූ තැනැත්තා එය ගිණිකෙළි සන්දර්ශණ නරඹමින් සිටියවුන් අතරට ගෙනගොස් ඔවුන් යටකර මරා දැම්මේ හිතක් පපුවක් නැත්තකු විලසිනි.

මෙම රථය සිය වේගය වැඩි කිරීමට මොහොතකට පෙර එය නවත්වාගැනීමට උත්සාහ දරන යතුරුපැදිකරුවකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කරනු ලැබ ඇත​. මෙම වීඩියෝව රිචර්ඩ් ගුට්‍ යාර් නම් මාධ්‍යවේදියකු විසින් ගන්නා ලද්දකි.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම යතුරුපැදිකරු ට්‍රක් රථය ඉස්සර කර නවත්වා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී, ඉන්පසු වාහනයේ දොර විවර කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය අසාර්ථක වන අතර ඔහු විසිවී ගොස් වාහනයේ රෝදයට හසු වූ බව වාර්තා වේ.

පොලීසියද මේ අතර ට්‍රක් රථය නවත්වනු පිණිස එදෙසට වෙඩි තබනු ඇසේ.

ට්‍රක් රථය සිය වේගය වැඩි කරමින් සිග් සැග් ආකාරයෙන් ගමන් කරමින් සෙනඟ අතරින් අනුකම්පා විරහිතව ගමන් කළ අතර එය වෙඩි තබා නවත්වා ගන්නා විට කිලෝමීටර දෙකක් දුර ගොස් තිබුණි.

No comments:

Post a Comment